රාජ්‍ය මාධ්‍ය ආයතනවල සේවකයන්ට වැටුප් ගෙවීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බව ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කලේ TNL රූපවාහිනී සේවයේ ජනහඩ වැඩසටහන සමග එක් වෙමිනි.
දශක හතරකට ආසන්න කාලයක් රටහදන තැන නොහොත් ශ්‍රී ලංකා පාර්ලිම්ර්න්තුවේ සිටි ඔහු පෙන්වා රජයේ මාධ්‍ය ආයතනවල අධික සේවක පිරිසික් සේවය කිරීම එයට හේතුව බවයි.
රජයේ මාධ්‍ය ආයතනවලින් ලැබෙන ආදායම සේවක වැටුප් ගෙවීම සඳහාවත් ප්‍රමාණවත් නොවන බැවින් තවදුරටත් එම ආයතන පවත්වා ගෙනයෑමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබෙන බැවින් ඔවුන්ට ස්වයං විශ්‍රාම ක්‍රමයක් හදුන්වා දී තිබෙන බවත් ඔහු ප්‍රකාශ කරයි.
මෙම සන්නිවේදන ආයතන මහජන ආයතන බැවින් මෙරට කලින් කළ පත් වු පාලකයන් තමන්ගේ ගෝල බාලයන් මෙම ආයතනවලට පත්කර ගත්තේය. එම ගෝල බාලයන්ද එකතුව වැනසූ මෙම ආයතනවල සේවකයන්ටම මෙසේ වීම දෛවයේ සරදමකි. එසේම ස්වයං විශ්‍රාම ක්‍රමය ඔස්සේ ඔවුන් ඉවත් නොවුනහොත් ඒවා පෞද්ගලික අංශයට විකුණනු ඇත.
