රාජ්‍ය සේවකයන්ට සිකුරාදා නිවාඩු දෙමින් නිකුත් කර තිබූ චක්‍රලේඛය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට කැබිනට් ඇනුමැතිය හිමිවී ඇත.
රටතුළ පවතින ඉන්ධන හිඟය හේතුවෙන් සහ ආහාර හිඟයට පිළියමක් ලෙස කෘෂිකර්මික කටයුතුවල නිරතවීම සඳහා සෑම සිකුරාදා දිනකම නිවාඩු ලබාදීමට මීට පෙර කැබිනට් මණ්ඩලය තීරණය කර තිබුණා.
කෙසේ වෙතත් මේ වන විටත් පොදු ප්‍රවාහන සේවා යථාවත් වෙමින් පැවතීම සැලකිල්ලට ගෙන මෙම චක්‍රලේඛය අවලංගු කිරීමට තීරණය කළ බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.
