රාජ්‍ය සේවකයන්ට විශ්‍රාම වැටුප් වෙනුවට දායකත්ව විශ්‍රාම වැටුප්.

අලුතින් රාජ්‍ය සේවයට බදවා ගන්නා සේවකයින් වෙනුවෙන් දැනට පවතින විශ්‍රාම වැටුප් ක්‍රමය වෙනුවට දායකත්ව විශ්‍රාම වැටුපක් හදුන්වා දීමට ජනාධිපතිවරයා විසින් කළ යෝජනාවට ඊයේ (27) කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

ඒ සදහා ජාතික දායකත්ව විශ්‍රාම අරමුදල නමින් අරමුදලක් පිහිටුවීමට යෝජනා වී ඇත.

මෙම අරමුදලට සම්බන්ධවන නව රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුපින් 8%ක් සහ සේවා යෝජකයාගෙන් 12% ක් මාසිකව යෝජිත අරමුදලට බැර කරනු ඇත.

යෝජිත දායකත්ව විශ්‍රාම වැටුප් අරමුදල කළමණාකරණය කිරීම පිණිස කළමණාකරණ මණ්ඩලයක් මගින් පාලනය කරන ස්වාධීන ආයතනයක් පිහිටුවීමට නියමිතව තිබේ.

අරමුදල කළමණාකරණය සදහා විශේෂ සුදුසුකම් සහිත අරමුදල් කළමණාකරු වෙක් පත් කිරීමට යෝජිතය.

(ලංකා සර )

Exit mobile version