රාජ්‍ය සේවකයින් විශ්‍රාම ගැන්වීමේ වෙනසක්.

වයස අවුරුදු 60න් රාජ්‍ය සේවකයින් විශ්‍රාම ගැන්වීමට අදාළ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර තිබේ.

ඊයේ (05) දිනයේ එම ගැසට් නිවේදනය අග්‍රාමාත්‍ය හා රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ අත්සනින් යුක්තව නිකුත් කරන ලදී.

ඒ අනුව අදාළ ගැසට් නිවේදනයේ දක්වා ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් හෝ වෙනත් නීතියක් මගින් හෝ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස නිෂ්චිත වශයෙන් තීරණය කර ඇති නිලධාරීන් හැර සියලුම රාජ්‍ය නිලධාරීන් වයස අවුරුදු 60 සම්පූර්ණ වූ විට විශ්‍රාම යා යුතු බව සඳහන් වේ.

මෙම ගැසට් නිවේදනය 2023 වසරෙ ජනවාරි මස පළමුවනදා සිට බලාත්මක කිරීමට නියමිතව ඇත.

Exit mobile version