රාජිත සහ කෙහෙළියගේ යාළුකම් එලියට. හොර පාරෙන් සභාපතිවරයෙක් පත් කරයි.

මෙරට 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත වීමත් සමගම ලේඛම්වරු සහ සභාපතිවරු පත් කිරීම ඇතුළු සියලු බලතල ජනාධිපතවරයා යටතට පත් විය. දැන් ජනාධිපතවරයා ඉන්නේ කොහේදැයි දන්නේ ආරක්ෂක ප්‍රධානින් ඇතුළු ළගම හිතවතුන් පමණි.

එය එසේ සිදුවෙද්දී ජනතාව ප්‍රතික්ෂේප කරනු ලැබූ කෙහෙළිය රඹුක්වැල්ල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් ජනතාව ප්‍රතික්ෂේප කල රාජිත සේනාරත්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ සමීපතමයෙකු සභාපතිවරයෙකු ලෙස පත් කර තිබේ.ඒ ඖෂධ සංස්ථාවටයි.

අගමැතිවරයා ඇතුළු කබිනට් මණ්ඩළය ඉවත්වීමට තීරණය කට තිබියදී සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ලෙස නීතීඥ සරත් ලියනගේ ඊයේ පත්කර ඇත. පත්වීම ලද නව සභාපතිවරයා සිය රාජකාරී ඊයේම (10) ආරම්භ කර ඇත.

යහපාලන රජය ආරම්භයේ සිට 2018 ඔන්තෝබර් දක්වා මෙම ආයතනයේ සභාපති ලෙස කයටුතු කර නීතීඥ සරත් ලියනගේ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නගේ හිතවතෙකි. හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ නඩු රැසකට පෙනී සිටි මොහු මහත් ආන්දෝළනයකට ලක්වූ රුසියානු පිළිකා එන්නත් මෙරටට ගෙන්වූ ව්‍යාපාරිකයා සමගද සමීපව කටයුතු කර ඇත.

සභාපති ධූරයෙන් ඔහු 2018 වසරේ ඉවත්වූවේ සංස්ථාවේ සේවක විරරෝධතාවයක් නිසාය. ඉන්පසු සංස්ථාවේ සභාපති ධූරයට මොහොමඩ් රූමී යන අය පත්වූ අතර ඔහුද මේ වන විට අධිකරණය හමුවේ චෝදනා ලැබූවෙකි. වත්මන් සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල වෙළඳ ව්‍යාපාරිකයෙක් සහ කැසිනෝ ව්‍යාපාරිකයෙකුගෙන් අවශ්‍යතාවය මත මෙම මෙම පුද්ගලයා යළිත් සභාපති ධූරයට පත් කිරීමට තීරණය කර ඇති බව තෙල් සංස්ථා වෘතීය සමිති කියයි.

අපට ලියන්න තියෙන්නේ තව තවත් අප්‍රසන්න වැඩ නොකර නව රටක්‌ බිහිකිරීම සදහා කටයුතු කරන ලෙසයි. තම තමන්ගේ හිතවතුන් පත් කිරීම දැන්වත් නතර නොකරන්නේ නම් ජනතාව දිගින් දිගටම අරගල කරනු ඇති බවයි.

Exit mobile version