ශ්‍රී රාවණා ලංකා මාධ්‍ය ජාලයේ වැඩ කටයුතු සියයට සියයක්ම සිදුකරගෙන යාමට පවතින විදුලි බල අර්බුදය දැඩි ලෙස බාධා කර තිබේ. විදුලි අර්බුධය හේතුවෙන් දුරකථන සංඥා ලැබීම පවා දුර්වල වී තිබෙන්නේ අප මීට පෙර මෙවැනි අර්බුදයකට මුහුණ දී නොමැති නිසාය.
කෙසේ වුවද එම අවහිරතා මග හරවා ගැනීම සදහා අවශ්‍ය නවීන සන්නිවේදන උපකරණ ලබා ගැනීමට කටයුතු කරමින් සිටින අතර ඔබට අත්‍යාවශ්‍යම පුවත් කෙසේ හෝ ලබා දීමට අපගේ කාර්ය මණ්ඩලය කටයුතු කරනු ඇති නමුත් යම් කිසි ප්‍රමාදයක් සිදු විය හැකි බව කාරුණිකව සදහන් කරමි. පවතින දුරකථන සංඥා ඉතාම දුර්වල බැවින් අප පවත්වාගෙන යන සන්නිවේදන නාලිකා 7 ටම එය බලපා තිබේ.
එසේම සති කිහිපයක් යන විට මේ තත්වය විසඳාගෙන බාදාවකින් තොරව අපගේ කටයුතු වේගයෙන් කරගෙන යාමට අවශ්‍ය පසුබිම නිර්මාණය කරමින් තිබෙන බවද සදහන් කරමි.
