රැජිණගේ අවසන් කටයුතු පිළිබඳ බකිංහැම් මාළිගයෙන් නිවේදනයක්.

එළඹෙන 19 වනදා වෙස්ට්මින්ස්ටර් ඇබීහිදී අභාවප්‍රාප්ත දෙවන එලිසබෙත් රැජිනගේ දේහය පිළිබඳ අවමංගල්‍ය උත්සවය පැවැත්වීමට නියමිත බව බකිංහැම් මාළිගය නිවේදනය කර ඇත.

දෙවන එළිසබෙත් රැජිනගේ දේහය මහජන ගෞරවය සඳහා ඊට පෙර දින 04ක් එහි තැන්පත් කර තැබීමට නියමිතව ඇත.

එමෙන්ම දේහය ලන්ඩනයට රැගෙනයාමට පෙර ස්කොට්ලන්තයේ බැල්මොරල් මාළිගයේ සිට එඩින්බරෝ වෙත රැගෙන යාමට නියමිතව ඇති අතර එහිදී රාජකීයන්ට රැජිනට අවසන් ගෞරව දැක්වීමට අවස්ථාව හිමි වනු ඇත.

වාර්තා වන පරිදි මේ වන විටත් දහස් සංඛ්‍යාත බ්‍රිතාන්‍ය වැසියන් ලන්ඩන්හි බකිංහැම් මාළිගය ඉදිරිපිටට රැස්ව ඇත්තේ 70 වසරක් එරට පාලනය හෙබවූ දෙවන එළිසබෙත් රැජිනට ගෞරව දැක්වීම සඳහාය.

Exit mobile version