රියදුරු බලපත්‍ර ලබාදීමට නව ක්‍රමවේදයක්

රියදුරු පුහුණුව සමත් වූ දිනයේ දීම බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන ඇති බවට වාර්තා වී ඇත.

ඊට හේතු වී ඇත්තේ රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදයේ අක්‍රමිකතා සිදුවන බවට පැමිණිලි ලැබීම බව සඳහන් වේ.

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම මහතා වෙත, අනුරාධපුර කාර්යාලයේ සිදුවූ එවැනි අක්‍රමිකතා සම්බන්ධයෙන් ලද පැමිණිලි කිහිපයක් මත මෙම පියවර ගැනීමට තීරණය කර ඇත.

මීට පෙර පැවති පරිදි ක්‍රමවේදයට අනුව ලිඛිත පරීක්ෂණය සමත්ව ප්‍රායෝගික පරීක්ෂණ සමත් වන සීමිත පිරිසක් වෙත රු.500.00 ක මුදලක් ගෙවීමෙන් රියදුරු බලපත්‍රය ලබා ගැනීමේ අවස්ථාව පැවතිනි.

කෙසේ නමුත් මේ වන විට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් කලින් වේලාවන් වෙන්කරවා ගත් පුද්ගලයින් වෙත එක්දින සේවාවන් සහ අනෙකුත් සේවාවන් අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

Exit mobile version