රුපියල් ලක්ෂ 40 ක දේපළ හොරු අත්අඩංගුවට.  

රුපියල් ලක්ෂ 40 ක පමණ වටිනා විදේශීය  මුදල් තොගයක් හා රන්භාණ්ඩ නාරාහේම්පිට තට්ටු නිවාස සංකීරණයේ නිවසකින් සොරා ගත් දෙදෙනකු කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.

මොරටුව ප්‍රදීශයේදී  මෙහි ප්‍රධාන සැකකරු  හෙරොයින් ග්‍රෑම් 6යි මිලි ග්‍රෑම් 253ක් සමග අත්අඩංගුවට ගෙන  කරන ලද ප්‍රස්න කිරීම් හමුවේ මෙම සොරකම ගැන අනාවරණය කරගැනීමට හැකි වූ බව සදහන් වේ.

 සැකකරු සන්තකයේ තිබි සොරාගන්නාලද රන් භාණ්ඩ කිහිපයක් හා බ්‍රිතාන්‍ය පවුම්1000ක් සොයාගෙන ඇති අතර රන් මාලයක් ඥාති පුතකුට ලබාදී ඇති බවත් බ්‍රිතාන්‍ය පුම් 1000ක් රුපියල් වලට මාරු කර ඇති බවත් පොලිසිය මගින් කරනලද  ප්‍රස්න කිරීම් හමුවේ අනාවරණය කරගෙන ඇති බව වාර්තා වේ.

Exit mobile version