රුපියල් 2000 ගානේ අල්ලස් අරගෙන මහරගම ඩිපෝවෙන් ඉන්ධන අරන් දීලා. (වීඩියෝ)

මහරගම ඩිපෝව වෙතින් ඉංදන ලබා ගැනීම සදහා 2022 ජුලි මස 09 වන දින සිට දින 03ක් ඉංදන පෝලිමෙි ටෝගන්පත්ද අතැතිව තම වාරය එන තුරු රැදී සිටි පෞද්ගලික බස් රථ රියදුරන්ට ඉංධන ලබා නොදී තම නිළ බලය භාවිත කරමින් අල්ලස් ලබා ගෙන ඉංදන පෝලිමෙි නතරකර නොතිබූ බස්රථ සදහා තෙල් ලබාදීමෙී පුවතක් අප වෙත වාර්ථා වී ඇත.  

පසු ගිය දිනක ජාතික ගමනාගමන මණ්ඩලයට අයත් මහරගම ඩිපෝ පරිශයේදි මෙය සිදු වී තිබේ.  බස්නාහිර පළාත් මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරියේ රත්මලාන අංක 03 ශාඛාවේ ප්‍රවාහන කළමනාකරු තේජා ග්‍රැඩිවිල් යන අය පෝලිමෙි නොතිබූ බස්රථ 50කට අධික ප්‍රමාණයක් ගෙන්වා එක් බස් රථයකින් රු.2000.00 බැගින් අල්ලස් මුදල් ලබාගෙන තෙල් ලබා ගැනීම සදහා ප්‍රමුකතාවය ලබාදි ඇති බව එම අවස්ථාවේ පොලිමෙි සිටි බස්රථ රියදුරන් සහ බස් හිමියන් අප වෙත දැනුවත් කර ඇත.

 අසාධාරණයට ලක්වූ බස් රථ රියදුරන් මෙි පිළිබද මහරගම ඩිපෝ කළමනාකරු දැනුවත් කර ඉන් අනතුරුව එදිනම බස්නාහිර පළාත් මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජිව මහතා වෙත දුරකථන මාර්ගයෙන් පැමිනිල්ලක් යොමු කර ඇති බව වාර්ථා වෙයි.

රාවණා ලංකා පුවත් සේවයේ අප මේ පිළිබද විමසීම සදහා මහරගම ඩිපෝ කළමනාකරු දුරකථන මාර්ගයෙන් සමිබන්ධ කර ගත් අතර ඉහත දිනයෙහි තේජා ග්‍රැඩිවිල් යන අය පැමින තමා වෙත තෙල් ගැසිය යුතු බස් රථ වල අංක පිළිබඳ තොරතුරු සහිත සටහනක් ලබාදුන් බව පවසා සිටි අතර අල්ලස් මුදල් ලබා ගැනීම පිළිබද ඔහු දැනුවත් නැති බව පවසා සිටින ලදි.  තවදුරටත් බස් රථ හිමියන් කරන ලද පැමිනිල්ල පිළිබඳව විමසීමට බස්නාහිර පළාත් මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජිව මහතා දුරකථන මාර්ගයෙන් සමිබන්ධ කරගත් අතර අදාල පැමිනිල්ලේ සඳහන් අල්ලස් ගැනීම පිළිබද සනාථ කල හැකි කිසිදු මාධ්‍යක් පැමිනිලි පාර්ශවය විසින් ඉදිරිපත් නොකල නිසා ඒ පිළිබද ක්‍රියා කිරීමේ හැකියාවක් නොමැති බව පවසා සිටින ලදි. 

 එහෙත් අප වෙත පැන නැගි ගැටඵව වන්නේ පුද්ගලයකු හෝ පුද්ගලයන් කණ්ඩායමක් තම අනන්‍යතාව සහිතව පැමිනිල්ලක් යොමුකර තිබියදිත් ඒ පිළිබද කිසිදු විමර්ශනයක් සිදුකිරීමට හෝ නිසි බලධාරීන් ක්‍රියානොකිරීමයි. එයින් කියවෙන්නේ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියත් මෙම දූෂණ සහ වංචාවලට සම්බන්ධ බව සහ මෙසේ යත ලෙස සොයනා මුදල් වලින් කොටසක් ඔවුන්ටත් ල්බනේ බව නොවේද?.

මහරගම ඩිපෝවෙන් ඉන්ධන ලබා දීමට2000 ගානේ අල්ලස් අරගෙන ඉන්ධන ගහලා.

2021 07 11

Exit mobile version