රුමේෂ් රත්නායක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු වශයෙන් පත් කර ඇත.
රුමේෂ් රත්නායක ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන අතර එළඹෙන සිම්බාබ්වේ පිලේ ශ්‍රී ලංකා තරඟ සංචාරය සඳහා ඔහුව මෙසේ පත්කර ඇත.
පසුගිය දෙසැම්බර් මස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වූ මිකී ආතර්ගේ කොන්ත්‍රාත් කාලය අවසන් විය.
ඔහුගෙන් පුරප්පාඩු වූ එම ධූරය සඳහා මේ වන විට අයඳුම්පත් කැඳවා ඇති නමුත් ජනවාරි මස 14 වනදා ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර එක්දින තරඟාවලියක් ආරම්භ වීමට නියමිතව ඇත.
ඒ අනුව එම සංචාරය සඳහා මෙසේ ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ වැඩබලන පුහුණුකරු වශයෙන් රුමේෂ් රත්නායක පත්කර ඇති බව වාර්තා වේ.
