රුසියානු ගුවන් යානය ගමන් තහනම් කිරීම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශය නිදාගෙන ද?.ශ්‍රී ලාංකික ස්වාධීන පුරවැසියන් ප්‍රශ්න කරයි.

ශ්‍රී ලංකාව තුල පවතින ආර්ථික ගැටලුව නිසා දුක් විදින්නේ එරට සාමාන්‍ය වැසියන්ය. දේශපාලන අධිකාරියට, ඉහල පෙලේ ව්‍යාපාරිකයන්ට හෝ රාජ්‍ය සේවකයන්ට හෝ එම ආර්ථික ගැටළු හෝ භාණ්ඩ මිල අධික ලෙස ඉහල යාම පිලිබදව විශාල ගැටළුවක් වී නොමැති බව පෙනී යයි.

මේ අතර රුසියාවට අයත් ගුවන් යානය රඳවා ගැනීමට ශ්‍රී ලංකාවේ සාමන්‍ය ජනතාව දැඩි ලෙස විරෝද වීම ආරම්භ කලේ එදින සිටමය. මේ වන විට ස්වාධීන සිවිල් සංවිධාන ගනනාවක්ම එරට රජයට රතු එලි නිකුත් කරමින් සිටි.

එයට විරෝදය පළකරමින් දේශප්‍රේමී ජනතා පෙරමුණ, මහජන යුතුකම් කේන්ද්‍රය, යුක්තිය හා පරමාධිපත්‍ය උදෙසා ජනතා හඩ, ගෝලීය ශ්‍රී ලංකා සංසදය, සහ නාගරික ජනතා සංවිදානය යන සංවිධාන එකතුව අද (06)  දහවල් 12.00  විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත ලිපියක් ලබා දීමට නියමිතව තිබේ. එම ලිපිය පහතින් දැක්වේ.

ජී එල් පීරිස් මැතිතුමා,

විදේශ අමාත්‍ය,

විදේශ කටයුතු අමාත්‍යාංශය,

ගරු විදේශ කටයුතු අමාත්‍ය තුමනි,

ශ්‍රී ලංකාව ඉතා ආර්ථික මූල්‍ය අර්බුදයක තිබෙන මේ අවස්ථාවේ රටට විදේශ විනිමය ගෙන එනු ලබන ගුවන් යානා සහ සංචාරකයන් අවහිර කිරීම ශ්‍රී ලංකාව තවත් අසරණ කිරීම සඳහා මෙරට අධිකරණ පද්ධතිය යොදා ගනිමින් ශ්‍රී ලංකාවට මිතුරු රාජ්‍යයක් සතුරු කිරීමට සහ එමගින් ශ්‍රී ලංකාව තවත් දරුණු අර්බුදයකට තල්ලු කිරීමට   කටයුතු කර ඇති  බව අද වන විට මුළු මහත් ශ්‍රී ලාංකික සමාජයට ම වැටහී ඇත.

රුසියානු ගුවන් සේවයට අයත් ගුවන් යානයක් පිටත් වීමට ආසන්නව තිබියදී ගුවන් ගමන් පාලක පාලකවරයාට ලැබුණු නියෝගයක් මත අදාළ ගුවන් යානය රඳවා තබා ගැනීම රුසියාව සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන මිත්‍රත්වයට මෙන්ම වාණිජ වශයෙන් ශ්‍රී ලංකාවට ඉතා අවාසිදායක තත්ත්වයක් උදාවී ඇත.

රක්ෂණ සමාගම් අතර ඇතිවූ ගනුදෙනුවක් මෙයට මුල්වූ බව පැවසුවත් රුසියාව ශ්‍රී ලංකාවෙන් තමන්ගෙ ගුවන්යානා වලට අවහිරයක් නොවන බවට ද මීට පෙර සහතිකයක් ලබාගෙන ඇති බව වාර්තා වන අතර.

 වාණිජ අධිකරණයෙන් ලැබුනු නියෝගයක්  සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති වරයාට  ලබාදී ක්‍රියාත්මක විය යුතු  අවස්ථාවක සහ  විශේෂයෙන් උසාවියේ පිස්කල්වරයා විසින්ම ඉතිහාසයේ මින් පෙර  නොවූ අයුරින් ඉතා කඩිනමින්  ගුවන් තොටුපොළට ගොස් ගුවන් ගමන්  පාලකවරයා  වෙත   අදාළ නියෝගය ලබා දීමට කටයුතු කිරීම ඉතා විස්මයජනක කරුණක් වන අතර  එම නියෝගය ක්‍රියාත්මක කිරීම නිසා මේ වන විට දෙරට තුළ ඒ සඳහා බරපතළ අර්බුදයක් උග්‍ර වී ඇත.

ශ්‍රී ලංකාව විසින් අදාළ ගුවන් සේවයේ ගුවන් යානා වලට කිසිදු තහංචියක් නොදක්වන බවට සහතිකයක් පවා ලබාදී ඇති පසුබිමක අධිකරණයට එම කරුණු නොදක්වා  කටයුතු කිරීම හේතුවෙන් සහ මෙතෙක් ඔබ විසින් කිසිදු  ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව ශ්‍රී ලංකා වාසි  ජනතාවට වැටහී ඇති බැවින්  ඔබ අමාත්‍යාංශයට ද  මේ චෝදනාවෙන් ගැලවී යෑමට හැකියාවක් නොමැත.

එමෙන්ම ජාතික සංවිධාන විසින්  රජයට රුසියාවෙන් අඩු මිලට තෙල් ගෑස් සහ පොහොර ලබා ගැනීමේ කටයුත්ත සඳහා දැඩි බලපෑමක් කරන මොහොතක ඒය කඩාකප්පල් කිරීමේ කූට මෙහෙයුමක් මෙහි එක් අරමුණක් විය හැක.

එසේම ශ්‍රී ලාංකික සමාජය තුළ සිටින ඇමරිකානු පුරවැසිභාවය ලබාගත් ශ්‍රී ලාංකික රාජ්‍ය නිලධාරින් සහ දේශපාලනඥයින් ඇමරිකානු න්‍යාය පත්‍රය අනුව කටයුතු කර ඇති බව සහ රුසියාවෙන් අඩු මිළට ලැබෙන තෙල් ගෑස් පොහොර වෙනුවට අතරමැදියන් ලවා කොමිස් මුදල් වෙනුවෙන් උක්ත කටයුත්තට සක්‍රීයව සහභාගී වී ඇති බව  ශ්‍රී ලාංකික සමාජය තුළ විශාල වැටහීමක් ඇති වී ඇත ඔවුන්ගේ ඇමරිකානු දේපළ ද ආරක්ෂා කිරීමේ පුද්ගලික න්‍යාය පත්‍රයක්ද මේ පිටුපස තිබිය හැක. 

එය ඇමරිකානු පුරවැසියන්  කිහිප දෙනෙකුගේ උවමනාව නිසා සමස්ත ශ්‍රී ලංකාවම ආර්ථික හා සමාජයීය වශයෙන් අසරණ කිරීමට තුඩුදෙන කටයුත්තක් බැවින් මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකර එහි සත්‍ය අසත්‍යතාවය අනුව වැරදිකරුවන්ට නිසි දඬුවම් ලබා දිය යුතුව ඇත.

 එබැවින් මේ සම්බන්ධයෙන් පහත සඳහන් කරුණුවලට  ඔබගේ අවධානය යොමු කරන ලෙසත් ඒ සඳහා ඇවැසි ඉදිරි කටයුතු සිදු කර  ශ්‍රී ලංකාවේ  පුරවැසියන් දැනුවත් කිරීමට සහ ඔබ අමාත්‍යාංශය බටහිර රටවල් වෙනුවෙන් නොව ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටින ලෙසත් කටයුතු කරන ලෙසත් කාරුණිකව දන්වමි.

1. පසුගිය දිනවල  පුවත්පත් වාර්තා කරන පරිදි  රුසියානු ගුවන් යානයට ගමන් තහනම් කිරීමට ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපල අධිකාරියට වාණිජ අධිකරණය විසින් තහනම් නියෝගයක් ලබාදී නැත ලබාදී ඇත්තේ  අදාල රුසියානු ගුවන් සමාගම ටයි එවන් පසුබිමක ආයතනයේ ප්‍රධානියා වශයෙන් සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා විසින් එම තහනම් නියෝගය සිදු කළේ ද   සහ ගුවන් යානය පිටවීම තහනම් කරන තෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන රාජකාරිය පැහැර හැර ඇති බව.

2. එසේත් නොමැතිනම් ගුවන් ගමන් පාලක පාලකවරයාට එවැනි හැකියාවක් ලැබුණේ කාගෙන්ද යන්න හා එවැනි නියෝගයක් සිදු කිරීමට ඔහුට  හැකියාවක් තිබේද යන්න අප අසා ඇති පරිදි  ගුවන් ගමන් පාලක පාලකයා වරයාට එවැනි නියෝගයක් කිරීමට හැකියාවක් නැත.

3.  වාණිජ අධිකරණයේ පිස්කල්වරයා අදාළ නියෝගය සිවිල් ගුවන්  සේවා අධිකාරියේ සභාපතිවරයා වෙත ලබා නොදුන්නේ ඇයිද යන්න සහ ඔහු සමග අදාළ නියෝගය රැගෙන ගුවන් තොටුපළට ආ නීතිඥයන් කවුද යන්න වාණිජ අධිකරණයේ ලේඛකාධිකාරී වරයාට පැමිණිලි පාර්ශවයේ නීතිඥයන් සමඟ එක්ව කටයුතු කළ හැකිද  යන්න.

මෙරටට විදේශ විනිමය ගෙන එන රුසියානු සංචාරකයන් ද අහිමිවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයට  දැඩි බලපෑමක් සිදු ව ඇති  අතර ඉදිරියේදී ලබා ගැනීමට නියමිතය තෙල් ගෑස් පොහොර නොලැබීම මෙන්ම ශ්‍රී ලංකාවේ තේ සඳහා සම්බාධක පැනවීමට ඇති හැකියාව සැලකිල්ලට ගෙන එම ගුවන් යානය නවතා ගැනීමේ නියෝගය හේතුවෙන්  මුළු මහත් ශ්‍රී ලංකාවට බලපාන සාධකයක් බවට පත්ව ඇත.

එසේම ගුවන් යානා කටුනායක ගුවන් තොටුපළට නොපැමිණීම හේතුවෙන් ද ගුවන් තොටුපළට විශාල අලාභයක් සිදුවනු ඇත.

එසේම ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපල අධිකාරිය සහ ශ්‍රී ලන්කන් ආයතනය පාඩු ලබන  ආයතන බවට පත් කර එය විකුණා දැමීමේ කූට උපක්‍රමයක් ද මෙය යට සිදුවිය හැකි බව පොදු මහත් සමාජයේ පිළිගැනීමයි.

මෙය විශාල අන්තර්ජාතික කුමන්ත්‍රණයක ක්‍රියාවලියක් බැව් පසක් වන අතර කටුනායක ඇතුළු අනෙකුත් ගුවන් යානා ඉන්දියාවේ හෝ වෙනත් රටක අරමුණු වෙනුවෙන් පාවිච්චි කළ බවත් එසේම ගුවන් තොටුපළවල් වෙනත් රටවල් වලට විකිණීමට ඇවැසි පදනම මේ හරහා ලබා දී ඇති බවත් අපගේ විශ්වාසයයි.

ශ්‍රී ලංකා ජන රජයේ හි සියලු පුරවැසියන් ට සිදුකළ දේශද්‍රෝහී ඉතා බරපතළ කටයුත්තක් බැවින් මේ සම්බන්ධයෙන් ඔබගේ දැඩි අවධානය යොමු කරන ලෙසත් මේ සම්බන්ධයෙන් ආයතන මට්ටමින් විධිමත් පරීක්ෂණයක් සිදුකර අදාල සියලු පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් නැතහොත් ඒ සඳහා වගකිව යුත්තේ කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත්  ඔබ බවත් මෙයින් දන්වා සිටීමට කැමැත්තෙමු, ලෙස ලිපියේ සදහන් වේ.

නීතිඥ නුවන් බැල්ලන්තුඩාව දේශප්‍රේමී ජනතා පෙරමුණ වෙනුවෙන්ද, වසන්ත අල්විස් කැඳවුම්කරු මහජන යුතුකම් කේන්ද්‍රය වෙනුවෙන්ද,  නීතිඥ මධුමාලි අල්විස්, කැඳවුම්කරු යුක්තිය හා පරමාධිපත්‍යය උදෙසා ජනතා හඬ සංවිධානය වෙනුවෙන්ද, ප්‍රීමාල් ප්‍රනාන්දු ගෝලීය ශ්‍රී ලංකා සංසදය වෙනුවෙන්ද, ශර්මිලා ගෝනවල සභාපති නාගරික ජනතා සංවිධානය වෙනුවෙන්ද එම ලිපියට අත්සන් තබා තිබේ.

Exit mobile version