රුසියානු “මීර්” ගෙවීම් ක්‍රමයට ශ්‍රී ලංකාව දැක්වූ ප්‍රතිචාරය.

ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ රුසියානු “මීර්” ගෙවීම් පද්ධතියට එක්විය නොහැකි බව යි.

ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දී ඇත්තේ අමෙරිකාව විසින් රුසියාවට පනවා ඇති සම්බාධක හේතුවෙන් මෙම අවස්ථාවේ ඊට එක්විය නොහැකි බවයි.

රුසියානු මහ බැංකුවේ සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක “මීර්” ගෙවීම් පද්ධතියෙන් ඉවත්ව සිටීමට බොහෝ රටවල් රැසක් තීරණය කර ඇත්තේ අමෙරිකාවේ සම්බාධකවලින් වැළකීමේ අරමුණින් බව වාර්තා වේ.

“මීර්” කාඩ් ගෙවීම් පද්ධතිය ක්‍රියාත්මක කර ඇත්තේ අමෙරිකානු ඩොලර් ගෙවීමකින් තොරව රුසියාව සමග ගනුදෙනු කිරීමේ ක්‍රමවේදයක් ලෙස වන අතර එය රුසියානු මහ බැංකුව මගින් 2017 මැයි 01 වනදා හඳුන්වා දෙන ලද නීතියකට අනුව ක්‍රියාත්මක කරන ලද ගෙවීම් ක්‍රමවේදයකි.

මෙම මීර් කාඩ් ගෙවීම් ක්‍රමවේදය ඔස්සේ විද්‍යුත් මුදල් ගනුදෙනු කිරීමේ හැකියාව පවතියි.

Exit mobile version