යුක්‍රේන මාධ්‍ය විසින් වාර්තා කළේ, යුක්‍රේන කාර්කිවි ප්‍රදේශයේ රුසියානු හමුදා ග්‍රහණයේ සිටි ශ්‍රී ලාංකිකයින් කිහිපදෙනෙකු මුදාගැනීමට හැකි වූ බවට යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්සික් ප්‍රකාශ කර ඇති බවටයි.
එහි දී යුක්‍රේන ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ රුසියානු හමුදාව විසින් අදාළ ප්‍රදේශය පසුගිය මාර්තු මස අත්පත් කරගත් අවස්ථාවේ මෙම ශ්‍රී ලාංකිකයින් පිරිස රඳවාගෙන සිට ඇති බවටයි.
එරට මාධ්‍ය වැඩිදුරටටත් සඳහන් කළේ මෙම ශ්‍රී ලාංකිකයින් යුක්‍රේනයේ අධ්‍යාපනය හදාරමින් සිටි පිරිසක් බවට එරට ජනාධිපති අනාවරණය කර බවයි.
යුක්‍රේනයේ Kupiansk ෙවෙද්‍ය විද්‍යාලයේ මෙම ශ්‍රී ලාංකියින් 07 දෙනා අධ්‍යාපනය හදාරමින් සිට ඇති බවයි වැඩි දුරටත් එරට මාධ්‍ය පෙන්වා දී ඇත.
මුදා ගැනුනු ශ්‍රී ලාංකිකයින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කර ඇති අතර යුක්‍රේන ජනාධිපති පෙන්වා දී ඇත්තේ රුසියානු හමුදා විසින් අත්පත් කරගෙන තිබූ කාර්කිවි පළාතේ මුදාගත් ප්‍රදේශවල සිදකරන ලද සෝදිසි මෙහෙයුම්වලදී රුසියානු හමුදා විසින් සිවිල් වැසියන්ට සිදුකළ හිරිහැර පිලිබඳව තොරතුරු රැසක් අනාවරණය වී ඇති බවට යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පෙන්වා දුන් බවයි.
