රුසියාවට එරෙහි යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලයට රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීම හා සම්බන්ධ ක්‍රියාවට එරෙහිව ඉදිරිපත් වූ යෝජනාවක් වැඩි ඡන්දයෙන් සම්මත වී ඇති බව වාර්තාවේ.

තවද එම මණ්ඩලයේ එම යෝජනාවට විරුද්ධව රටවල් 08ක් ද ඊට පක්ෂව රටවල් 141ක් ඡන්දය ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

එම යෝජනාවට කිසිත් ප්‍රතිචාර නොදක්වන ලද රටවල් අතර ශ්‍රී ලංකාව, ඉන්දියාව, චීනය, දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් 32ක් සිටි බවයි සදහන්ව ඇත්තේ.

විචාරකයන් පවසා ඇත්තේ ලෝකයේම සහය  යුක්‍රේනයට ලැබෙන බවට මෙමගින් පිළිඹිඹු වන බවයි.

Exit mobile version