රුසියාවට යුද ආධාර ලබා දීම පිළිබඳව චීනය තවදුරටත් සලකාබලමින් සිටින බව අමෙරිකාව විසින් ප්‍රකාශ කොට ඇති බව සදහන් වේ.
චීනය එම ක්‍රියාමාර්ගයන් ඉවත් කරගෙන නොමැති බවට තමන් විශ්වාස කරන බවයි අමෙරිකානු ජාතික ආරක්ෂක කවුන්සිලයේ මාධ්‍ය ප්‍රකාශක ජෝන් කර්බි ප්‍රකාශ කර ඇත්තේ
ඔහු විසින් තව දුරටත් පවසා ඇත්තේ අමෙරිකානු ජනාධිපතිවරයා සහ ජර්මන් චාන්සල්වරයා අතර පැවති සාකච්ඡා යුක්‍රේනයට ප්‍රහාරක ජෙට් යානා සැපයීම ගැන න්‍යාය පත්‍රයේ ප්‍රධාන කොටසක් නොවී ඇති බවයි.
කෙසේ වෙතත් ඔහුන් දෙදෙනා විසින් ඉදිරියේදී ඇතිවිය හැකි යුධමය තත්වය සඳහා යුක්‍රේනයට අවශ්‍ය වන්නේ කුමක්ද යන්න පිළිබඳව ප්‍රධාන වශයෙන් සාකච්ඡා කොට ඇති බව සදහන් වේ.
