අද දින රාජාසන කතාව කරමින් වත්මන් ජනාධිපතිවරයා රටේ සියලු පක්ෂවලට සහ අරගලයේ නිරත නිර්පාක්ෂික අරගල කරුවන්ට ආරාධනා කරමින් රට හැදීමට එකමුතුවෙන ලෙසත් අවශ්‍ය යෝජනා ඉදිරිපත් කරන ලෙසත් දන්වා සිටින ලදී. එයට පිළිතුරු ලෙස ” මහජන යුතුකම් කේන්ද්‍රය ” තම යෝජනා සවිස්තරාත්මකව ඉදිරිපත්කර තිබේ.
මේ රට බෙදීමට කෑලි කැඩීමට ත්‍රස්තවාදීන්ට අන්තවාදීන්ට ඉඩනොදෙන පාර්ශවයක් වශයෙන් අප ද පසුගිය කාලයේ අරගලයට සහභාගි වීය . එහිදී අපේ යෝජනාව වූයේ රාජ්‍ය සම්පත් නොවිකුණන ලෙසත් රාජ්‍යයේ සියල්ලම පළමුවත් විගණනය දෙවනුවත් විගණනය තුන්වනු වත් විගණනය කරන ලෙසත්ය
ජනාධිපති වරයා වැඩිදුරටත් ද එහිදී පවසා සිටියේ රටට බරක් වී ඇති ආයතන ප්‍රතිව්යුහගත කරන බවයි . ලාභ ලබමින් තිබූ ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව ශ්‍රී ලංකා වානේ සංස්ථාව පොහොර සංස්ථාව කඩදාසි සංස්ථාව සීනි කර්මාන්තශාලා වැනි ආයතන පෙරදී ප්‍රතිව්යුහගත කරන ලද ආකාරයට නැවතත් රාජ්‍ය දේපළ තම හිත මිතුරන් හට විකිණීමට සැරසේ ද යන්න බරපතළ සැකයක් මේ වන විට සමාජය තුළ හටගෙන ඇත
එබැවින් ජනාධිපති වරයාට එසේ නොකොට තම ජීවිත කාලය තුළදී රටට ප්‍රතිලාභ ලබා දීමටත් තමන්ට මීට පෙර එල්ල වී ඇති කැත නම් ශුද්ධ කර ගැනීමටත් අවස්ථාවක් දැන් එළඹ ඇත.
රට සෑදීමට බලශක්ති අර්බුදය විසදීමට අප තවදුරටත් වැඩිපුර මුදල් ගෙවමින් ඉන්දියානු ණය ආධාර මත හිඟා කෑමට යායුතු නැත. ඒ වෙනුවෙන් රටේ සම්පත් ඉන්දියාව ට විකුණා දැමිය යුතු නැත
අවශ්‍ය සම්පත් බුද්ධිය සතු මිනිසුන් රට තුළ හිටියත් නැත්තේ නායකත්වයක් පමණි. ජනාධිපතිවරයාට නායකත්වය ඇත්තේ නම් ඒ සඳහා යෝජනා පහත සඳහන් පරිදි ඉදිරිපත් කරමු
අද වන විට ලෝක වෙළදපළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 ට අඩු අගයක පවතින අතර, මෑතකදී ඉන්ධන මිල සංශෝධනය නොවූයේද, දැනට අප මිලදී ගන්නා තෙල් වෙනුවෙන් සහනයක් ලබා දිය නොහැක්කේද, වැඩිපුර ඩොලර් 20 ක් පමණ ප්‍රමාද ගාස්තු රක්ෂණ ගාස්තු වැනි සිදුවීම් හරහා ගෙවීමට සිදුවන බවට වාර්තා පළ විය.
එසේම බොරතෙල් බැරලයක් නිෂ්පාදනය කිරීමේදී ඩොලර් 20 ක ලාභයක් රටට ඉතිරි වෙන බව පසුගිය කාලයේ සංස්ථා ආරංචි මාර්ග පැවසූ අතර බොර තෙල් මිලදී නොගෙන නිමි ඩීසල් සහ patrol දැවි තෙල් මිලදී ගැනීම හේතුවෙන් එම ලාභය ද රටට අහිමි වී ඇත
රුසියාවෙන් අඩු මිලට තෙල් ලබා දිය හැකි බව ප්‍රකාශ වූ මොහොතේ පටන් සහ මේ ගැන උනන්දුවක් සිටි පාර්ශවයක් වශයෙන් අප ද උනන්දු වු අතර , පාර්ලිමේන්තුවේදී විමල් වීරවංශ මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරමින් රුසියාවෙන් තෙල් මිලදී ගතහොත් ලෝක වෙලදපොලේ අගයට වඩා 15% සිට 35% දක්වා ලාබ අගයක් ලැබෙන බවත් එය අතරමැදියන් හරහා නොව රජයන් රජයන් අතර ගිවිසුමක් බවත් එහි සියලු කාරණා සඳහන්කොට අවබෝධතා ගිවිසුමට අත්සන් කිරීමට පමණක් ඇති බවත් පවසන ලදි
එසේම අද ලෝක වෙලදපොලේ බ්‍රෙන්ට් වර්ගයේ තෙල් බැරලයක් ඩොලර් 99 දක්වා පහත බැස ඇතත් අප මිලදි ගන්නේ ඩොලර් 120 ට වැඩි අගයක් වන අතර , ප්‍රමාද ගාස්තු රක්ෂණ ගාස්තු අතර මැදි ගාස්තු හේතුවෙන් වැඩිපුර ඩොලර් 20 ක් ගෙවා මිලදී ගන්නා දූෂිත රටක් බවට පත්ව ඇති අතර රටට සහනයක් නොමැත තෙල් මිල වැඩි වු විට වැඩි කරන අඩුවු විට අඩු නොවන අරුම පුදුම රටකි.
මිට පෙර තෙල් මිල අඩු වු අවස්තාවේ සැමන් ටින් එකෙන් අඩු කරන බව පවසා සිට් අයුරු ද රටට අමතක නැත .
එහෙත් වාර්ෂික ණය මුදලක් මත 35% ක හෝ 15% ක ලාභයක් සහිතව ලෝක වෙළඳපොලේ $100 ට අලෙවි වන තෙල් බැරලයක් ඩොලර් 85 කට අඩු අගයකට රුසියාවෙන් අපට මිලදී ගත හැක.
එහි නිෂ්පාදන ලාභය එකතු කළහොත් එය ඩොලර් 65 ක් දක්වා පහත බසී . ගෙවීමට සිදු වන්නේ වසර 2කින් අනතුරුව ය.
ලෝක වෙලදපොලන් අප මිලදී ගන්නා බැරල් එකක් වෙනුවෙන් අප අදටත් නිශ්පාදනය කරනවාට වඩා ඩොලර් 55 වැඩිපුර රටේ මුදල් ගෙවමින් සිටී
එක නැවක බොරතෙල් බැරල් 90000×55 ඩොලර් = 4,950,000 ඩොලර් ගෙවමින් සිටී එය ශ්‍රි ලංකා රුපියල් බවට පරිවර්තනය කලහොත් රුපියල් 1,806,750,000 තරම් අති විශාල මුදලකි
දැනට තෙල් වෙනුවෙන් වැය කරන ඩොලර් මිලියන 500 ක මුදල ඩොලර් මිලියන දෙසීයක් හෝ ඊට ආසන්න මුදලක් දක්වා අඩු කර ගැනීමට හැකියාවක් එමගින් ඇත
එසේ සිදුවන්නේ නම් රුපියල ස්ථාවර වේ රටත් ස්ථාවර වේ රට තුළ අරගලයක් නොමැත රට ස්ථාවර විමට ඕනෑ තරම් කරුණු ඇත .
එසේ නම් රට ස්ථාවර විම වලක්වන්නේ කාගේ වුවමනාවටද දුශිත දේශපාලනඥයන් රාජ්‍ය නිලධාරීන් , ද එසේ රට අස්ථාවර කරන අයවලුන් ත්‍රස්තවාදීන් ද්‍රෝහීන් නොවේද .
ජනාධිපතිවරයා ගේ රාජාසන කතාව අනුව ප්‍රතිව්‍යුහගත කල යුතුවන්නේ රජයේ දුශිත දේශපාලනඥයන් සහ නිලධාරීන් ද නැතහොත් විශය බාර අමාත්‍යවරයා ද ?? නැතහොත් රටට අදායම් උපද්දවන තෙල් ස•ස්ථාවද ??????
වරදකරුවන් වන්නේ සාමකාමී අරගලකරුවන් ද ?? දූෂිත රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලනඥයන් ද ….??
තෙල් බැරල් එකක් ඩොලර් 170 ට ගන්නා ඉන්දියානු ණය පසුපස අප යා යුතු ද ??
මේ තෙල් අර්බුදය රටේ සැම අස්සක් මුල්ලක් පුරා පැතිර ඇති අතර , සංචාරක ක්ෂේත්‍රයට රටට ඩොලර් එන ගුවන් යානා ඉන්ධන විකිණීම දක්වා විශේෂයෙන් බලපා ඇත
එම හේතුවෙන් යුරෝපීය රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් සහ සංචාරකයන් දැන් ගුවන් ටිකට්පත් වෙනුවෙන් විශාල මුදලක් ගෙවිය යුතුය ඇත
එයට හේතු වන්නේ පැමිණෙන ගුවන් යානා මාලදිවයිනට ගොස් ඉන්දන පුරවාගෙන නැවත කටුනායකට පැමිණීමයි
ගුවන්යානා ඉන්ධන වෙළඳාම මාලදිවයිනට ලබා දී ඇති අතර , ගුවන් යානා ටිකට්පත් මිල ද ඊට බලපා ඇති එයින් සංචාරකයන්ගේ වැඩි උනන්දුව මාලදිවයින බවට අද වන විට පත්ව ඇත
රුසියානු ඇතුළු යුරෝපා සංචාරකයන් පැමිණෙන්නේ මාලදිවයිනටයි
අපට ඉතිරි කර ගත හැකි සංචාරක ක්ෂේත්‍රයෙන් ලැබෙන ඩොලර් ටික පවා අප වෙනත් රටවලට මේ වන විට ත්‍යාග වශයෙන් ලබා දෙමින් සිටින රටක් වශයෙන් පත්ව ඇත.
එයට තවත් ප්‍රධාන හේතුවක් වන්නේ රුසියානු ගුවන් යානා අත්පත් කර ගැනීම සහ රුසියානු cadit card system එක MIR කාඩ් ක්‍රමය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නොවීමයි එය අසල්වැසි මාලදිවයිනේ ක්‍රියාත්මක වේ
මහ බැංකුවෙන් අනුමැතිය ඉල්ලූ විට විදේශ කටයුතු අමාත්‍යංශයේ සිටින අතිරේක ලේකම් වරයෙක් වන ශාන් නමැත්තා විදේශ ලේකම් හෝ විදේශ ඇමති නොදැනුවත්ව එය ප්‍රතික්ෂේප කර ඇත
රටක ජාතික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නේ එක එක නිලධාරීන්ගේ දේශපාලන වුවමනාවන් මත ද ද ?????
ජනාධිපතිවරයා අද දින පැවැත් වූ රාජාසන කතාවට පිළිතුරු ලෙස ඉහත සඳහන් කරුණු වඩාත් නිවැරදිව අධ්‍යනය කරන ලෙසත් පුරවැසි සංවිධානයක් ලෙස රජයට යෝජනා කරමු
එසේ නොවන්නේ නම් ජනාධිපතිවරයා අද දින පැවැත්වූ රාජාසන කතාව සුරංගනා කතාවක් වනු ඇත
මහජන යුතුකම් කේන්ද්‍රය