රුසියාවේ ඉන්ධන පිරවුම්හලක පිපිරීමක් .

රුසියාවේ දකුණු දිග ප්‍රදේශයේ ඩැගෙස්ථාන් නගරයේ ඉන්ධන පිරවුම්හලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .

එමෙන්ම එහිදී තවත් පුද්ගලයින් 60 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ .

විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සදහන් කර ඇත්තේ පිපිරීමත් සමඟ ඉන්ධන පිරවුම්හලේ ගින්න වර්ග අඩි 6,000ක පමණ ප්‍රදේශයක් පුරා පැතිර ගොස් තිබූ අතර තවදුරටත් පිපිරීම් ඇතිවීමේ අවදානමක් පවතින බවයි .

පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර තුවාල ලැබූ පුද්ගලයින් මොස්කව් වෙත රැගෙන යාම සඳහා විශේෂ ගුවන් යානයක් ද යොදවා තිබූ බව සඳහන් වේ.

Exit mobile version