රුසියාව විසින් යුක්‍රේනය නේටෝ සංවිධානයෙන් තහනම් කරන ලෙස රුසියාව කළ ඉල්ලීම අමෙරිකා එක්සත් ජනපදය විසින් ප්‍රතික්ෂේප කර ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ යුක්‍රේන අර්බුදය විසඳීම සඳහා රුසියාව සිදුකළ ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින් අමෙරිකානු රාජ්‍ය අමාත්‍ය ලේකම් ඇන්ටනී බ්ලින්කන් මේ බන ප්‍රකාශ කර ඇති බවයි.
රාජ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කළේ එම අර්බුදයට රාජතාන්ත්‍රික විසඳුමක් ලබා දීමට අමෙරිකාව සූදානම් බවයි.
නෙටෝ සංවිධානයේ මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන් බර්ග් ද රුසියාවේ අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බව ද වාර්තා වේ.
කෙසේ නමුත් රුසියානු අමාත්‍යවරයෙක් සඳහන් කළේ නෙටෝ සංවිධානය සහ අමෙරිකාව ඒකාබද්ධව සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අධ්‍යයනයක නිරත වන බවයි.















































