රුසියාව පාගා දැමීමේ කුමන්ත්‍රණයක්.

බටහිර රටවල් විසින් රුසියාව විනාශ කිරීමේ මෙවලමක් වශයෙන් යුක්රේනය යොදා ගැනීමට දරණ ප්‍රයත්නය හෙළා දකින බව රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් ප්‍රකාශ කරයි.

රුසියානු ජනපති විසින් එරට රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ නව වර්ෂය සඳහා ජනතාවට සුබ පැතුම් එක් කරමින් මේ බව සඳහන් කර තිබේ.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ රුසියාව, යුක්රේනය සමග සටනට එළඹ ඇත්තේ මව් බිම අාරක්ෂා කර ගැනීමට සහ ජනතාවට සැබෑ නිදහස ලබාගැනීම සඳහා බවයි.

Exit mobile version