රුසියාව ශ්‍රී ලංකාව අල්ලා පොලවේ ගහයි. ඒ අතරේ වාරණ නියෝගයද අත් හිටුවයි.

රුසියාවේ ජාතික ගුවන් සේවයට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් අධිකරණය විසින් නිකුත් කරන ලද වාරණ නියෝගය නිකුත් කරනු ලැබුවේ පසු ගිය දෙවෙනි දාය. අද (06) මේ වන විට එම වාරණ නියෝගය ඉවත් කර තිබුනත් දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් තිබු සබඳතාවය දැඩි ලෙස විනාශ වී තිබේ.

ශ්‍රී ලාංකික ප්‍රජාවද මෙම සිද්ධිය තරයේ හෙලාදකිමින් සමාජ මාධ්‍යජාලා වල රජයට දැඩි ලෙස දෝෂාරෝපණ එල්ල කරන ලදී. එසේම මේ වන විට රුසියාවට යවන තැපැල් භාණ්ඩද ලබා ගැනීම නැවතී තිබේ. ඒ රුසියාව වෙත යැවීමට ගුවන් යානා නොමැති වීමයි.

සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඊයේ ප්‍රකාශ කලේ එය රජයේ ක්‍රියාවක් නොවේ, අධිකරණමය ක්‍රියාවක් බවයි. නමුත් අධිකරණය යනු රජයේ ආයතනයක් බව වත් නොදන්නා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා එසේ පැවසුවද, නීතියට අනුව අධිකරණය යනු රාජ්‍ය ආයතනයකි. කෙසේ හෝ දැන් මේ වන විට සියල්ලම සිදු වී අවසන්ය. රාජ්‍ය පාලනය පමණක් නොව රාජ්‍ය ආයතන පවා කටයුතු කරනුයේ දිනෙන් දිනම ශ්‍රී ලංකාව බිමට සමතලා කිරීමයි.

Exit mobile version