රේගුවේ සිරව ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ නිදහස් කරගැනීමට බන්දුල ඉදිරිපත්වෙයි

වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා රේගුව තුළ සිරව ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ නිදහස් කරගැනීම අද (27) දිනයේ සිට ආරම්භ කරන බවට ප්‍රකාශයක් සිදුකර ඇත.

එම භාණ්ඩ නිදහස් කර ගැනීම සඳහා අදාළ ලැයිස්තුව අද දිනයේ මහ බැංකුව වෙත ලබා දීමට නියමිත බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

ඒ අනුව අදාළ ලැයිස්තුව භාරදීමෙන් අනතුරුව භාණ්ඩ නිදහස් කිරීම ක්‍රමානුකූලව සිදුකරන බවද අමාත්‍යවරයා එහි දී සඳහන් කර ඇත.

Exit mobile version