ලංකා ගුරු සංගමයෙන් ප්‍රකාශයක්.

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිලිතුරුපත් ඇගයීමේ කටයුතු ප්‍රමාද වීමෙන් සැලසුම් කර ඇති විභාග කාලසටහන් කල් යෑමක් සිදු වන බවත් මෙම ඇගයීම් කටයුතු සදහා ගෙවන දෛනික දීමනාව රුපියල් 2000 ක් වීම හේතුවෙන් ඒ සදහා ගුරුවරුන් ඉල්ලුම් නොකරන බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ .

“මේ අයදුම් නොකරන්න හේතුවෙලා තිබුණේ විශේෂයෙන්ම මේ උත්තර පත්‍ර ඇගයීම සඳහා ගෙවන දීමනාව අවම මට්ටමක පැවතීම. 22 සිට ඇගයීම් කටයුතු ආරම්භ වෙලා නෑ. එතකොට දැන් මේ තුළ වෙන්නේ සම්පූර්ණයෙන් ඉදිරි විභාගත් ක්‍රමාණූකූලව ප්‍රමාද වෙන එක. මෙතනදී අධ්‍යාපන ඇමතිවරයා මේ දීමනා මදී නිසා ඔහු විසින් රුපියල් 3,000කින් දෛනික දීමනාව වැඩි කරන්න කැබිනට් පත්‍රිකාවක් දැම්මා. මේ කැබිනට් පත්‍රිකාව තුළ මේ දෛනික දීමනාව රුපියල් 2,000යි දීලා තියෙන්නේ. මේක ප්‍රමාණවත් නෑ. ඒක නිසා මේක තවදුරටත් දීර්ඝ වීම තුළ ගුරුවන්ගේ අයදුම් කිරීම ප්‍රමාද වෙන්න පුළුවන්. ආණ්ඩුව දැන ගන්න ඕනේ මේ වෙලාවේ අවශ්‍ය වෙන්නේ මේ ඇගයිම් ක්‍රියාවලිය ශක්තිමත් කිරීම. අපිට අවශ්‍යයි අදාළ අවුරුද්දේ විභාගයට එන්න. එහෙම ආවොත් තමයි මේ අධ්‍යාපනයේ අර්බුදය අවසන් වෙන්නේ.”

Exit mobile version