ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයෙන් කොන්දොස්තර හෝ රිය සහායක නොමැතිව මඟී ප්‍රවාහන බස්රථ ධාවනය කළ හැකි ආකාරයට මෝටර් රථ ආඥා පනත සංශෝධනය කරන ලෙස ප්‍රවාහන අමාත්‍යංශයට යෝජනවක් ඉදිරිපත් කර ඇත.
අදාළ යෝජනාව කොරෝනා වසංගතයෙන් බලපෑමට ලක් වූ බස් කර්මාන්තයේ ආදායම් අහිමි වීම සහ සේවක හිඟයක් පැවතීම ඇතුළු ගැටලු කිහිපයක් සැලකිල්ලට ගනිමින් ඉදිරිපත් කළ බවයි එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ.
