ලංකා බැංකුවේ 2022 වාර්ෂික වාර්තාව ජනපතිට

ලංකා බැංකුවේ 2022 වර්ෂයට අදාළ වාර්ෂික වාර්තාව, ලංකා බැංකුවේ සභාපති ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා මහතා විසින් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අද (18) මුදල් අමාත්‍යාංශයේ දී පිළිගැන්වූ බව ජනාධිපති මාද්‍ය ඒකකය වාර්තා කර තිබේ.

ලංකා බැංකුවේ www.boc.lk සහ කොටස් වෙළෙඳපොළ www.cse.lk වෙබ් අඩවි ඔස්සේ 2022 වාර්ෂික වාර්තාවට පිවිසිය හැකියි.

මහජනතාවට සහ ගනුදෙණුකරුවන්ට දැන ගැනීම පිණිස ඉදිරියේ දී මෙම වාර්තාව සිංහල හා දමිළ බසින් නිකුත් කිරීමට නියමිතය.

ලංකා බැංකුවේ සාමාන්‍යාධිකාරි රසල් ෆොන්සේකා, ‍ප්‍රධාන මූල්‍ය නිලධාරි රුවන් කුමාර යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

ජනාධිපති මාද්‍ය ඒකකය

Exit mobile version