ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ සදහා ද දුම් සහතික ලබා ගෙන ආදායම් බලපත්‍රය ලබා ගැනීම අනිවාර්‍ය බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපතිතුමා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එමෙන්ම වාර්තා වන ආකාරයට මෙසේ අනිවාර්‍ය කිරීමට හේතු වී ඇත්තේ ලංගම බස් රථ වලින් පරිසරය දූෂණය වන්නේ යැයි කියන චෝදනාව මත සහ ලංගම බස් රථ අනතුරුවලට ලක්වීමෙන් පසු ආදායම් බල පත්‍රය නොමැතිවීමෙන් මුහුණ දෙන ගැටලු බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කළ බව සදහන් කරයි.
