ලංගම සහ පෞද්ගලික බස් රථ සඳහා විශේෂිත QR කේතයක්

පොදු ප්‍රවාහන සේවයේ නිරත පෞද්ගලික බස් රථ සහ ලංගම බස් රථ සඳහා වෙනමම QR කේතයක්  හඳුන්වා දීමට රජයේ අවධානය යොමුව ඇත.

 ඊට අදාළ සාකච්ඡාව අද (08) ජනමාධ්‍ය, ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ සහ විදුලිබල සහ බල ශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වින.

අදාළ සාකච්ඡාවේදී ගෙන ඇති තීරණවලට අනුව එළඹෙන සතියේදී ලංගම ඩිපෝ සහ ඉන්ධන පිරවුම්හල් වෙතින් මෙම නව ක්‍රමවේදය ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව වාර්තා වේ.

එතෙක් පොදු ප්‍රවාහන සේවය සඳහා අවශ්‍ය ඉන්ධන ලංගම ඩිපෝ මගින් සහ මාකුඹුර, බැස්ටියන් මාවත ඉන්ධන පිරවුම්හල් මගින් ලබාදීමට තීරණය කර ඇත.

Exit mobile version