ලක්මව රනින් බැබලූ පුතුන් දිවයිනට

තුර්කියේ පැවති ආසියානු සවි එසවීමේ ශූරතාවලියෙන් ශ්‍රී ලංකාව රනින් සැරසවීමට සමත් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඊයේ (30) දිවයිනට පැමිණ ඇත.

එහි දී කනිෂ්ඨ අංශයේ කිලෝග්‍රෑම් 47 බර පන්තියෙන් තරඟ වැදුනු ෂෙනුකි දිශල්‍යා සමස්ත ශූරතාවය ද ඇතුළුව රන් පදක්කම් 04ක් දිනා ගැනීමට සමත්ව ඇත.

එමෙන් ම එම තරඟාවලියේ විවෘත අංශයේ කිලෝග්‍රෑම් 120 බර පන්තිය නියෝජනය කරමින් රන් පදක්කම දිනා ගැනීමට රන්සළු ජයතිලක සමත්ව ඇත.

ලක්මව රනින් බැබළවීමට උරදුන් මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රාවණා මාධ්‍ය ජාලයේ ද උණුසුම් සුබ පැතුම්!

Exit mobile version