ලක්ෂ 10 ක රන් භාණ්ඩ සමග දෙදෙනකු අත්අඩංගුවට.

පිළියන්දල දී  පොලිසිය මගින් කොල්ලකෑම් රැසකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනකු හා සොරා ගන්නා ලද ලක්ෂ 10ක් පමණ වටිනා රන් භාණ්ඩ සමගම  අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

සැකකරුවන් විසින් රත්මලාන, පිළියන්දල, මොරටුව, කැස්බෑව යන ප්‍රදේශ වල ජනතාව බිය වද්දා මුදල් හා රන් භාණ්ඩ කොල්ල කා ඇති බවයි පොලිසිය සදහන් කර තිබේ.

තවද සැක කරුවන් විසින්  කොල්ල කෑම් සදහා භාවිතා කරන ලද ත්‍රිරෝද රථයක් හා යතුරුපදියක්ද අත්අඩංගුවට ගෙන ඇති අතර එම ත්‍රිරෝද රථයේ ලියාපදිංචි අංකය ව්‍යාජ එකක් බව ද  වාර්තා වේ.

සැකකරුවන් විසින් කොල්ලකන ලද ලක්ෂ 10ක් පමණ වටිනාකමකින් යුත් රන් භාණ්ඩ පිළියන්දල මොරටුව යන ප්‍රදේශ වල උකස් කොට ඇති බවද වාර්තා වේ.

කොල්ලකරුවන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන් වේ.

Exit mobile version