ලක්ෂ 18 ක දේපළ සොරා ගෙන .

කදිරාන ප්‍රදේශයේ පිහිටි නිවසක CCTV සවි කිරීමට ආ කාර්මික ශිල්පියෙකු එම නිවසේ සේවය කළ ගෘහ සේවිකාව සමග මිතුරු වී කාර්මික ශිල්පියාගේ සහෝදරයාගේ බිරිද සමග එකතු වී ගෘහ සේවිකාවත් සම්බන්ධ කර ගනිමින් මෙම නිවසේ තිබූ රන් භාණ්ඩ , ජංගම දුරකථන , සුවද විලවුන් ආදී දේපළ වරින් වර සොරා ගෙන ඇති බව වාර්තා වේ.

සොරා ගත් රන් භාණ්ඩ ඇතුළු දේපළහි වටිනාකම රුපියල් ලක්ෂ 18 ක් පමණ වන බව කියයි.

මේ සම්බන්ධව නිවෙස් හිමියා කළ පැමිණිල්ලකට අනුව විමර්ශන කර ගෘහ සේවිකාව , කාර්මික ශිල්පියා සහ ඔහුගේ සහෝදරයාගේ බිරිද සැකපිට අත් අඩංගුවට ගත් බව වාර්තා වේ.

Exit mobile version