ලක්ෂ 30 ක දේපළ සොරා ගත් අයෙකු අත්අඩංගුවට .

මූල්‍ය ආයතන , නිවාස , උසස් අධ්‍යාපන ආයතනවලින් සොරා ගත් ලැප්ටොප් පරිගණක පහක් , ටැබ් යන්ත්‍ර දෙකක් , ජංගම දුරකථන 8 ක් , කැමරා , ඩ්‍රෝන කැමරාවක් ආදී රුපියල් ලක්ෂ 30 කට ආසන්න වටිනාකමකින් යුත් දේපළ සොරා ගත් අයෙක් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

මොහු හිටපු සංචාරක මග පෙන්වන්නෙකු බවත් අවුරුදු 44 හැවිරිදි අයෙකු බවත් දෙමටගොඩ ගුවන් පාලම අසල දී බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් බව කියයි.

මෙසේ සොරා ගෙන ඇත්තේ තලංගම , මිරිහාන , කොහුවල , මහරගම , වැලිකඩ , කඩුවෙල , වැල්ලවත්ත , කොල්ලුපිටිය , කදාන ආදී ප්‍රදේශවල ආයතන වලින් සහ නිවාස වලින් බව සදහන් කරයි.

සැකකරු අද (1) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා කරයි.

Exit mobile version