ලක්ෂ 7000 ක් දූෂණය කල සෞඛ්‍ය බලධාරීන්, පිළිකා රෝගීන් ඉක්මනින් මරණ අලුත්ම සෙල්ලමක්.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැනද අමුතුවෙන් ලියන්න හොදක් ඉතිරිව නැත. හොදයි කියන්න වන්නේ හොඳ වැදගත් ලෙස මෙන්ම මිනිසුන් ලෙස ජීවත් වන රටේ වාසනාවට ජීවත් වන වෛද්‍යවරුන් සැලකිය යුතු ප්‍රමාණයක් සිටින බව පමණි. ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත සමග සෙල්ලම් කල සෞඛ්‍ය අමාත්‍යංශයේ මිලියන් ගණනක වංචා දූෂණ එළිදරව් විය.

එසේ මිලයන ගනනක් වංචා දූෂණ සිදුකල සෞඛ්‍ය බලධාරීන් මේ වන විට පිළිකා රෝහලේ සහ කොළඹ ජාතික රෝහලේ PET / CT පරීක්ෂණ සිදු නොකරන බවද, ඒවා පුද්ගලික අංශයෙන් සිදුකරගත යුතු බවද වාර්තා වේ. එම එක පරීක්ෂණයක් සිදුකිරීම පෞද්ගලික අංශයෙන් වැය වන මුදල රුපියල් දෙලක්ෂ විසිදහසක් (220000) බව කිය වේ.

වාර්තාවන ආකාරයට මෙම ස්කෑන් සදහා අවශ්‍ය ද්‍රාවණයන් නොමැති නිසා එම පරීක්ෂණ නොකරන බවයි.  තවත් එක සුවිශේෂී කරුණක් වන්නේ පොදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව එක්තරා ආයතනයකට පමණක් ටෙන්ඩර් ලබා දීමට යාම බවත් මෙය අතිශය දූෂිත ගනුදෙනුවක් බවද වාර්තා වේ. ඒ හරහා රෝගීන් සහ ඔවුන්ගේ ළඟම ඥාතීන් ඉතාමත්ම දුෂ්කර තත්වයකට පත්ව ඇති බව පැහැදිලිය.  මරණය හැර වෙනත් කිසිවක් ඔවුන්ට උරුම නැති බව දැන් අමුතුවෙන් කිව යුතු නොවේ. මරා දැමුවේ තුට්ටු දෙකේ මාධ්‍යවේදීන් බව කියූ තුට්ටු දෙකේ සෞඛ්‍ය බලධාරීන්ගෙන් මීට වඩා යමක් අපට ලබා ගත නොහැකිය.

මරගම අපේක්ෂා රෝහලට එම PET යන්ත්‍රය ලබා දුන්නේ දෙරණ මාධ්‍ය නාලිකාවෙනි. නමුත් සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන්ගේ කොමිස් ගැහිල්ල මිනිසුන්ගේ ජීවිත වලට වඩා ඉහලින් තිබේ. ඉතින් අප රටක් ලෙස කෙසේ නම් ඉදිරියට යන්නද?. විවිධ සමාජ මාධ්‍යවල සංසරණය වන මේ පණිවිඩය ගැන සොයා බලා කඩිනම් විසදුම් ගැනීමට දැන්වත් කාට්යුතු කල යුතුව තිබේ.

මේ සෞඛ්‍ය අමාත්‍යංශයේ මිලියන් ගණනාවක වංචාවන්ය.

Exit mobile version