සේවා නිල ඇදුමින් ලංගම බස් රථයක ගමන් කරමින් සිටි පුහුණු හෙදියකට ලිංගික අඩත්තේට්ටම් කළායැයි කියන පොලිස් පරීක්ෂක වරයෙක් අලුත්ගම පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ඒ ඊයේ (27) දින සවස් කාලයේ කොළඹ සිට අලුත්ගම දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් තුලදී බවත් එම අවස්ථාවේ පොලිස් නිලධාරියා සිවිල් ඇඳුමින් සිටි බවත් වාර්තාවේ.
බස්රථය තුලදී හෙදියගේ පපු ප්‍රදේශය සැකකරු විසින් අත ගෑ බව තරුණිය විසින් ප්‍රකාශ කිරීමත් සමග බස්රථයේ සිටි පිරිස සැකකරුට පහර දී පොලිසියට බාරදී ඇති බවයි සදහන් වන්නේ.
සැකකරු කළුතර පොලිස් කොට්ඨාසයට අයත් පොලිසියක පැමිණිලි අංශයේ ස්ථානාධිපති ලෙස රාජකාරි කරන 54 හැවිරිදි ප්‍රධාන පොලිස් පරීක්ෂක වරයෙක් බවයි වාර්තා වන්නේ.
සැකකරු කළුතර මහේස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පැවසෙන්නේ.














































