ලිට්‍රො සමාගම ආනයනය කළ එක් නැවක ගෑස් ගොඩබෑමට අවසර හිමි වේ.

ලිට්‍රො සමාගම විසින් මෙරටට දෙවන වරට ආනයනය කරන ලද ගෑස් නෞකාවකට ගොඩබෑමට අවසර හිමිව ඇති බව වාර්තා වේ.

පසුගිය දා ලිට්‍රො සමාගම විසින් ඇනවුම් කරන ලද ගෑස් නෞකාවක් මෙරටට පැමිණ ඇති අතර පාරිභෝගික අධිකාරිය, ඛනිජ තෙල් නීගත සංස්ථාව සහ ශ්‍රි ලංකා ප්‍රමිති ආයතනය ඇතුළු කණ්ඩායම් විසින් එහි ප්‍රමිතිය පිළිබඳව පරීක්ෂණ සිදු කර ඇත.

එම පරීක්ෂණයන්ගෙන් අනාවරණය වී ඇත්තේ එම ගෑස් තොගයේ ප්‍රොපේන් සහ බියුටේන් සංයුතිය නිසි ලෙස පවතින බවයි.

කෙසේ නමුත් එහි අඩංගු එතිල් මර්කැප්ටන් නමැති රසායනද්‍රව්‍ය නිසි ප්‍රමිතියට නොමැති බවට තොරතුරු හෙළිව ඇත.

මෙනිසා පාරිභෝගික සේවා පිළිබඳ අධිකාරයි විසින් එම ගෑස් මෙරටට ගොඩබෑමට අවසර නොදුන්න ද ඊයේ (17) දිනයේ දී ඉන් එක් නෞකාවක් ගොඩබෑමට අවසර ලබා දී ඇති බව වාර්තා වේ.

Exit mobile version