ලුණුගම්වෙහෙරේ සියලු වාන් දොරටු විවෘත කෙරේ.

ජල පෝෂක ප්‍රදේශවලට පවතින අධික වර්ෂාවත් සමග ලුණුගම්වෙහෙර ජලාශයේ වාන් දොරටු සියල්ල විවෘත කිරීමට පියවර ගෙන තිබෙන බව වාර්තා වේ .

ඒ අනුව වාරිමාර්ග ඉංජිනේරුවරයා විසින් දැනුම්දී ඇත්තේ මේ වනවිට ජලාශයේ වාන් දොරටු 6ම අඩියක් බැගින් විවෘත කර ඇති බවයි .

මේ හේතුවෙන් ජලාශයට පහළ කිරිඳි ඔය දෙපස පහත්බිම්වල ජනතාව මේ සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම්වරයා විසින් දැනුම්දීමක් සිදුකර තිබේ .

Exit mobile version