එදාමෙදා තුර ක්‍රිකට් පිටියේ බිහි වූ දැවැන්තයන් ගැටෙන ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් තරඟාවලියට දින නියම වී ඇත.
ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කළේ එළඹෙන වසරේ ජනවාරි මස ඕමානයේ දී තරඟ පැවැත්වීමට නියමතව ඇත.
ජනවාරි මස 18 වනදා සිට 30වනදා දක්වා ඕමානයේ AI Amerat ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී මෙම තරඟ පැවැත්වීමට තීරණය කර ඇත.
තරග සඳහා කණ්ඩායම් 03ක් එක්වන අතර එම කණ්ඩායම් ලෙස ආසියානු කණ්ඩායම, ඉන්දීය කණ්ඩායම හා ලෝක කණ්ඩායම දැක්වේ.
එමෙන්ම විදෙස් මාධ්‍ය වාර්තා කළේ ශ්‍රි ලංකාවේ දැවැන්තයන් වන සනත් ජයසූරිය, රොමේෂ් කලුවිතාරණ, මුත්තයියා මුරලිදරන්, චමින්ද වාස්, තිලකරත්න දිල්ශාන්, උපුල් තරංග යන අය ආසියානු කණ්ඩායම නියෝජනය කරනු ලබන බවයි.
සෙසු සාමාජිකයින් වශයෙන් සුපිරි තුන්ඉරියව් ක්‍රීඩක ෂහිඩ් අෆ්රිඩ්, ෂොයිබ් අක්තාර්, අසාර් මොහොමඩ්,මිෂ්බා උල් හක්, මොහොමඩ් ශෆීස්, ෂොයිබ් මලික්, උමාර් ගුල්, මොහොමඩ් යූසුෆ්, අස්ගාර් ඇෆ්ගන්, උනිස් ඛාන් එම කණ්ඩායම නියෝජනය කරනු ලබයි.
