ලොරි රථයක දොරක් වැදී පාසැල් සිසුවා ජීවිතක්ෂයට.

වාද්දුව හබරලගහලන්ද ප්‍රදේශයේදී පාන් වෙළදාමේ යමින් සිටි ලොරි රථයක යකඩ දොරක් ගැලවී ගොස් මාර්ගයේ පාපැදියකින් යමින් සිටි පාසැල් සිසුවකුගේ වැදී සිදුවූ අනතුරකින් එම පාසැල් සිසුවා මිය ගොස් තිබේ.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ 13 හැවිරිදි වාද්දුව හබරලගහලන්ද ප්‍රදේශයේ පදිංචි පිරිමි දරුවකු බව සදහන්වේ.

මිය ගිය සිසුවා තම සොයුරා සමග මාර්ගයේ බයිසිකල් පදිමින් සිටින අතර විරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයේ පැති දොරක් ගැලවී ගොස් මෙම අනතුර සිදුව ඇති අතර බරපතල තුවාල ලබා පානදුර රෝහලට ඇතුලත් කොට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.

Exit mobile version