ලොවපුරා කොවිඩ් ආසාදිතයින් කෝටි 25 ඉක්මවයි

මේ වන විට ලොව පුරා කොවිඩ් – 19 වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව කෝටි 25 ඉක්මවා ගොස් ඇත.

එම දර්ශකය මේ වන විට 250,596,531ක් ලෙස දැක්වේ.

එමෙන් ම මේ වන විට ලොවපුරා සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 5,064,392ක් ලෙස සඳහන්ව ඇත.

ගතවූ පැය 24ක කාලය තුළ දී ආසාදිතයින් 340,467ක් ලෙස වාර්තා වී ඇති අතර මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 4527ක් ලෙසයි.

Exit mobile version