ලොව අංක එකේ පාපන්දු ක්‍රීඩකට මරණ තර්ජනයක්

ලොව ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩකයෙකු වූ මෙසී පිළිබද  පළවූ පුවතක් පිළිබද මේ වන විට ලෝකයේම අවධානය යොමුව තිබේ.

ඔහුගේ බිරිද වන Antonella Roccuzzo ගේ පවුලට අයත් Rosario හි පිහිටි සුපිරි වෙළද සැලකට යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙලෙස ප්‍රහාරයක් එල්ල කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එහීදී වෙඩික්කරුවන් විසින් සටහනක් තබා ගොස් ඇති අතර එහි සදහන් වන්නේ. “මෙසී අප ඔබ එනතුරු බලාසිටිනවා, Rosario හි නගරාධිපති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක්, ඔහුට ඔබව ආරක්ෂා කළ නොහැකියි” යනුවෙනි.

එහිදී සැකකරුවන් වෙඩි ප්‍රහාර 14ක් එල්ල කර ඇති අතර වෙඩි තැබීම හේතුවෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති බව කියයි. නමුත් වෙළදසැලට හානි සිදුවී ඇති බව සදහන් කරයි.

එසේම එරට බලධාරින් වාර්තා කර ඇත්තේ මෙම වෙඩිප්‍රහාරයට හේතුව මේ වන තෙක් අනාවරණය වී නොමැති බවය.

Exit mobile version