ලොව දුර්වලම ක්‍රියාකාරී මුදල් ඒකකය ලෙස ශ්‍රී ලංකා රුපියල පත්ව ඇත.

ශ්‍රී ලංකා රුපියල දුර්වලම ක්‍රියාකාරී මුදල් ඒකකය බවට මේ වන විට පත්ව ඇති බව ෆයිනෑන්ෂල් ටයිම්ස් වෙබ් අඩවිය පෙන්වා දී ඇත.

ඒ අනුව 2022 වසරේ වඩාත් පිරිහීමට ලක්ව ඇති මුදල් ඒකකය බවට ශ්‍රී ලංකා රුපියල පත්ව ඇති අතර ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 32 කින් පහත වැටීමක් සිදුව තිබෙනවා.

2022 වසරේ ලොව වඩාත්ම පිරිහීමට ලක්ව ඇති මුදල් ඒකකයක් භාවිතා වන රට ලෙස ශ්‍රී ලංකාව පළමු ස්ථානයට පත්ව ඇති බව ද වාර්තා වේ.

Exit mobile version