ලෝකයේම තට්ටයෝ මට්ටුකරන්න ලංකාවෙන් වැඩක් – කොළඹ විශ්ව විද්‍යාලය විද්‍යාවට ඉහළින්.

වර්තමානයේ උගතුන් රට හැර යන බවට විවිධ අදහස් ඉදිරිපත් වන මොහොතක කොළඹ විශ්වවිද්‍යාලය සිය විද්‍යාත්මක පර්යේෂණ ඔස්සේ අනාවරණය කළ සහ වැඩිදියුණු කරන ලද නිෂ්පාදන, වාණිජ නිෂ්පාදන ලෙස එළිදක්වමින් සාර්ථකව ආදායම් උත්පාදනයට කටයුතු කර තිබේ.

අනෙක් වැදගත්ම කරුණ වන්නේ මෙරට විශ්වවිද්‍යාල බොහොමයක් මඟින් සිදුකරන විද්‍යාත්මක පර්යේෂණ කිසිදු ප්‍රතිඵලයක් අත් කර නොගෙන අත් හැර දමන සහ එම නිපැයුම් වල අයිතිය වෙනත් රටවලින් අත්පත් කරගන්නා අවධියක කොළඹ විශ්වවිද්‍යාලය සිය පර්යේෂණ ඔස්සේ නිපදවූ නිමැයුම් වෙළඳපොළට ගෙන ඒමට කටයුතු කර තිබීමයි.

මේ වන විට ඒ සඳහාම කොළඹ විශ්වවිද්‍යාලය තුළ විශ්ව විද්‍යාලය සහ වාණිජ නිෂ්පාදන ආයතන සම්බන්ධීකරණය වෙනුවෙන් වෙනම ඒකකයක් ද පිහිටුවා ඇති අතර එමඟින් පුද්ගලික අංශය සමඟ හවුල්කාරිත්වයක් ඇති කරගනිමින් නව වැඩසටහන් රැසක් දියත් කිරීමට ඔවුන්ට හැකිවී තිබීම විශේෂත්වයක්.

එලෙස සම්බන්ධීකරණය සිදුකරමින් පසුගිය කාලයේ කොළඹ විශ්ව විද්‍යාලය විසින් නිෂ්පාදනය කරන ලද ඖෂධ වර්ග සහ ආලේපන කිහිපයක් වෙනුවෙන් විශ්වවිද්‍යාලයට හිමි කර්තෘ භාගය පිරිනැමීමේ උත්සවයක් පසුගිය දා සංවිධානය කර තිබුණා.

කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන අණුක ජීව වේද සහ ජෛව තාක්ෂණ ආයතනයේ (IBMBB) මහාචාර්ය සමීර ආර්. සමරකෝන් මහතා ප්‍රමුඛ පර්යේෂණ කණ්ඩායම සිය පර්යේෂණ ඇසුරින් සිදු කළ නවතම විද්‍යාත්මක අනාවරණයන් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන කිහිපයක් වෙනුවෙන් මෙම මුදල හිමිව තිබේ.

පිළිකා සෛල නැසීමේ හැකියාවෙන් යුත් පෝෂක ඖෂධයක්ද මේ අතර පැවතීම විශේෂත්වයක්.

  1. Vernolac – පිළිකා සෛල නැසීමේ හැකියාව පර්යේෂණාත්මකව තහවුරු කරන ලද පෝෂක ඖෂධය.
  2. Satiny – අකලට හිස කෙස් වැටීම, ජානමය තත්වයන් නිසා තට්ටය ඇති වීම පාලනය කරමින් හිසකෙස් වර්ධනය කිරීමේ අද්විතීය ගුණයෙන් හෙබි ඖෂධීය ශීර්ෂාලේපය.
  3. Ortho Shield – බොහෝ දෙනෙකු මුහුණ දෙන සන්ධි ආශ්‍රිත වේදනාවන් සහ කැක්කුම් වහා සමනය කිරීමේ මනා හැකියාව විද්‍යාත්මක ව තහවුරු කරන ලද ශාකසාර අමුද්‍රව්‍ය භාවිතයෙන් නිෂ්පාදනය කරන ලද ආලේපනය.
  4. Bio Shape – ස්ථුල භාවය පාලනය කරමින්, අමතර මේදය බැහැර කරමින්, ආහාර පාලනයටත් ශරීරයේ හැඩය මනාව පවත්වා ගැනීමටත් ඉවහල් වන පෝෂක ඖෂධය

මේ සඳහා කොළඹ විශ්වවිද්‍යාලය සමඟින් ගිවිසුම් ගතව ඇත්තේ දේශීය සමාගමක් වන වන ෆැඩ්නා සමාගම් සමූහයේ අනුබද්ධිත සමාගමක් වන ෆැඩ්නා ලයිෆ් සයන්ස් සමාගමයි.

ඔවුන් අදාළ නිෂ්පාදන අළෙවිකොට ලද ලාභයෙන් කොළඹ විශ්වවිද්‍යාලට හිමි කර්තෘ භාගයට අදාළ මුදල පසුගියදා (27) කොළඹ විශ්ව විද්‍යාලය වෙත පිරිනැමීමට කටයුතු කර තිබේ.

ෆැඩ්නා සමාගමේ අධිපති චමේන්ද්‍ර සෝමතුංග මහතා විසින් කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති එච්.ඩී කරුණාරත්න මහතා වෙත අදාළ මුදල භාර දී තිබේ.

කොළඹ විශ්ව විද්‍යාලය නිෂ්පාදනය කළ මෙම නිෂ්පාදන අතර පිළිකා සෛල නසා දැමීමේ හැකියාවෙන් යුතු පෝෂක ඖෂධයක් ද පවතින අතර විශ්ව විද්‍යාලයට ලද අදායමෙන් කොටසක් තව දුරටත් කොළඹ විශ්ව විද්‍යාලයේ ජෛව රසායන අණුක ජීව වේද සහ ජෛව තාක්ෂණ ආයතනය තුළ ස්ථාපිත පිළිකා පිළිබඳ පර්යේෂණ අරමුදල වෙනුවෙන් යෙදවීමට පියවර ගැනීම ද විශේෂත්වයක්.

” කොළඹ විශ්වවිද්‍යාලය දිවයිනේ අංක එකේ විශ්ව විද්‍යාලය බවට හඳුනාගනු ලබන්නේ එම විශ්වවිද්‍යාලය විසින් වසරකට සිදුකරනු ලබන පර්යේෂණ ප්‍රමාණය සහ බිහිකරණ නවෝත්පාදන ප්‍රමාණය හේතුවෙන්. “

” පර්යේෂණ සිදුකොට ආදායම් ඉපයීම පිළිබඳව කොළඹ විශ්වවිද්‍යාලය තුළින් සමාජයට පුර්වාදර්ශයක් සැපයීමට අපට හැකිවුණා. විද්‍යාත්මක පර්යේෂණ ඇසුරින් නව නිෂ්පාදන බිහිකිරීමේ ක්‍රියාවලියට සඳහා අත්වැල් බැඳගැනීමට දිවයිනේ සමස්ථ ව්‍යාපාරික ප්‍රජාවටම අපි ආරාධනා කරනවා. “

” කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන, ජෛව රසායන අණුක ජීව වේද සහ ජෛව තාක්ෂණ ආයතනය (IBMBB) සමඟ ෆැඩ්නා ලයිෆ් සයන්ස් සමාගම එක්ව නිපදවන ලද නව නිෂ්පාදනයන් හේතුවෙන් දේශිය වෛද්‍ය ක්‍රමය ජාත්‍යන්තරය වෙත ගෙන යාම උදෙසා නව දොරක් විවෘත වෙලා. “

…………………………………

” විශ්වවිද්‍යාලවලින් සිදුකරණ සාර්ථක පර්යේෂණයන්, ඉහළ ඉල්ලුමක් ඇති නිෂ්පාදනයන් බවට පරිවර්තනය කිරීම පිළිබඳ තමා දුටු සිහිනය අද සැබෑ වෙලා. “

…………………………………

” දිවයිනේ සියලුම විශ්වවිද්‍යාල නවෝත්පාදන බිහිකිරීමේ ක්‍රියාවලියට සක්‍රීයව දායක වන්නේ නම් එය ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ආර්ථික ශක්තිමත් කිරීමට මහඟු පිටිවහලක් “

” පේටන් අයදුම්පතකට පමණක් සීමා නොකොට විද්‍යාත්මක පර්යේෂණ හරහා අවසන් නිෂ්පාදනයක් කරා විතැන් කරවීමට ඇපකැපවී නවෝත්පාදන බිහිකර ආර්ථික අභියෝගයන් ජය ගැනීමට අප ඇපකැප විය යුතුයි. “

Exit mobile version