ලෝක අමද්‍යප දිනය අද

ලෝක අමද්‍යප දිනය යෙදී ඇත්තේ ඔක්තෝබර් 03 වන දින වන අද දිනටය.

මධ්‍යසාර භාවිතයෙන් ශ්‍රී ලංකාවේ වසරකට පුද්ගලයින් 20,000ක් පමණ සංඛ්‍යාවක් මියයන බව මේ වන විට වාර්තා වී ඇත.

ඒ අනුව දිනකට මෙම මද්‍යසාර භාවිතය හේතුවෙන් පුද්ගලයින් 50 දෙනෙකු පමණ මියයන බව මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ මානව සංවර්ධන අධ්‍යක්ෂ සම්පත් ද සේරම් මහතා පවසා ඇත.

අද දිනට යෙදී ඇති මෙම ලෝක අමද්‍යප දිනය පාදක කරගනිමින් දිවයින පුරා සියලුම සුරාබදු බලපත්‍ර ස්ථාන වසා තැබීමට කටයුතු කරන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

Exit mobile version