ලෝක බලවතුන් තරඟයට ලංකාවේ රිලව් ඉල්ලති!ඇමරිකාවෙනුත් ඕඩරයක්!

ඇමරිකා එක්සත් ජනපදයද ශ්‍රී ලංකාවෙන් රිලවුන් තොගයක් ලබා ගැනීම සඳහා ඉල්ලුම් කර තිබේ.

නමුත් එසේ ඇමරිකාවට අවශ්‍ය වන රිලවුන් ප්‍රමාණය කොතෙක්දැයි මෙතෙක් දැනුම් දී නැතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේය.

චීනය විසින් ඉල්ලා ඇති රිලවුන් ලක්ෂය ලබා දීමට අදාළ ක්‍රමවේදය සකස් කිරීම සඳහා කමිටුවක් පත් කරන බව ද හෙතෙම පැවසීය.

මෙරට රිලවුන් තිස් ලක්ෂයකට වැඩියෙන් සිටින බවත් රිලවුන් ප්‍රමාණය වැඩිවීම හේතුවෙන් වගාවන්ට සිදුවන හානිය ද ඉහළ ගොස් ඇති බවද ඇමතිවරයා කියා සිටියේය.

රිලවුන් විදේශ රටවලට ලබා දීම සුදුසු බවත් එසේ නොකරන්නැයි කිසිවෙකු ප්‍රකාශ කර නැති බවත් අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.

රිලා කරදර වලින් පීඩා විදින ගොවි ජනතාව රිලවුන් තම ප්‍රදේශ වලින් ඉවත් කිරීමට කැමති වුවද  පරිසර සංවිධාන රැසක් මේ වන විට රිලවුන් විදේශ වලට යැවීමට විරෝධය පල කර ඇත . අනෙක් අතට අපේ රටේ සෑම ප්‍රශ්නයකදීම නයි මුගටින් සේ හැසිරෙන චීනය හා ඇමරිකාව රිලවුන් ඉල්ලමින් මේ සිදු කිරීමට යන්නේ කුමක්දැයි රටේ බහුතර ජනතාවට විශාල ප්‍රහේලිකාවකි.ලෝක බලවතුන් ගේ දේශපාලනයේ ශ්‍රීලංකාවේ අලුත්ම ගොදුර වී ඇත්තේ ලංකාවේ ජෛව සම්පතද යන සැකය මේ වන විට ජනතාවට මතු වෙමින් තිබේ.

සරත් සමරනායක.

Exit mobile version