ලෝක ළමා දිනයට සහ වැඩිහිටි දිනයට ජනපතිගෙන් ලොවටම පණිවිඩයක්.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ සමස්ථ දරුවන් සහ වැඩිහිටියන් තමන්ගේ සමීපතමයන් සේ සලකා ඔවුන් දෙස සෙනෙහසින් බලන, දකින සහ ක්‍රියාකරන යුගයක් උදා කරගැනීමට සැවොම එක්ව කැපවීමෙන් කටයුතු කළ යුතුව ඇති බවයි.

ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිතුමනන් මෙම අදහස් දක්වා ඇත.

ජනපති වැඩිදුරටත් එහි දී පෙන්වා දී ඇත්තේ, වැඩිහිටි අපට ගෝචරවන ලොව දරුවන්ගේ ලෝකය නොවන බවත්, ඔවුන්ගේ ලෝකය බෙහෙවින් සරල, මෘදු කුතුහලයෙන් පිපාසිත බවත් වැඩිහිටියන් වශයෙන් අප එය නුවණින් තේරුම් ගෙන ඔවුන් වෙනුවෙන් පෙර නොවූ විරූ ලොවක් නිර්මාණය කර දීමට වගබලාගත යුතු බවත්ය.

එමෙන්ම දරුවන්ගේ සුන්දර ළමා කාලය මෙන්ම අපේ රටේ උන්නතිය උදෙසා අසීමිත කැපකිරීම් සිදුකළ වැඩිහිටි ප්‍රජාව ද සෙනෙහසින් රැකබලා ගැනීම අපගේ යුතුකමක් බව ද ජනපති වැඩිදුරටත් එම පණිවිඩය තුළින් පෙන්නුම්කර ඇත.

Exit mobile version