ලෝහ කුට්ටියක් රන් කුට්ටියක් කල දෙදෙනා STF දැලට.

STF නිලධාරීන් විසින් පරකඩුව ප්‍රදේශයේදී රන් ආලේපිත ලෝහ කුට්ටියක් නිධානයකින් ගොඩගත් රන් කුට්ටියක් බව පවසා විකිණීමට සුදානම් වූ දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

ජාවාරම්කරුවන් අත්අඩංගුවට පත් වන අවස්ථාවේ ඔහුන් ලග තිබී අත් බෝම්බ දෙකක් ද STF භාරයට ගෙන තෙබෙ.

අලවි කිරීමට සුදානමින් තිබු ව්‍යාජ රන් කැටයේ බර කිලෝ 13 හමාරක් වන අතර එය රුපියල්  කෝටි 20ට අලවි කිර්රෙමටයි  සුදානම් වී ඇත්තේ.

පුගොඩ STF කදවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව එම නිලධාරීන් ව්‍යාපාරිකයන් සේ වෙස් මාරු කරගෙන ජනවාරි 9 වනදා රාත්‍රීයෙදී වැටලීම සිදු කොට ව්‍යාජ රන් කැටයහා අත් බෝම්බ දෙකක් හා සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 48 හා 43 වයස් වල පසුවන පරකඩුව, තලාවිටිය, අමුහෙන්කන්ද හා ඇඹිලිපිටිය ප්‍රදේශ වල පදිංචිකරුවන් වේ,

Exit mobile version