එක්දින සේවය යටතේ විදේශ ගමන් බලපත්‍ර සකස් කර දෙන බවට පවසා මුදල් හා ලිපි ද්‍රව්‍ය වංචා කළ සැකකරුවන් දෙදෙනෙක් ඊයේ (31) තලංගම පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම කරුණ සම්බන්දව තලංගම පොලිසියට පැමිණිලි තුනක් ලැබී ඇති අතර ඒ සම්බන්දව විමර්ශන අරඹා මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.
සැකකරුවන් ලග තිබී පැමිණිලි කරුවන් දෙදෙනකුගේ ජාතික හැදුනුම් පත්, ව්‍යාජ ටෝකන් පත් නවයක්, මුදලින් රුපියල් 15000ක් සොයාගෙන ඇති බව වාර්තා වේ.
සැකකරුවන් මාලඹේ සහ කොළඹ 9 ප්‍රදේශවල පදිංචි අවුරුදු 47 හා 65 යන වයස්වල පුද්ගලයන් බව වාර්තා වේ.
අද (01) දින සැකකරුවන් කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.
