වක් ඔයේ කාන්තාවන් දෙදෙනෙකු ගිලෙයි. – එක් අයෙක් මරුට.

ඊයේ (06) හංවැල්ල පොලිස් වසමේ වක් ඔයේ දිය නාමින් සිටි කාන්තාවන් දෙදෙනෙක් දියේ ගිලී ඇති අතර ප්‍රදේශවාසීන් එක්ව ඔවුන් දෙදෙනා ගොඩට ගෙන අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කිරීමේදී එක් අයෙක් ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වේ .

මිය ගිය කාන්තාව 42 හැවිරිදි අයෙක් වන අතර අනෙක් කාන්තාව අවිස්සාවේල්ල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී.

මිය ගිය කාන්තාවගේ මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සදහා අවිස්සාවේල්ල රෝහලේ තැන්පත් කර තිබෙන බව සදහන් .

Exit mobile version