වකුගඩු ජාවාරම් පුද්ගලයාට වැඩ වරදී.

බොරැල්ල පුද්ගලික රෝහලක රෝහල් සේවකයෙකු ලෙස පෙනී සිටිමින් දිළිදු පුද්ගලයන් රවටා මුදලට වකුගඩු ලබා ගැනීමේ ජාවාරමක් කරගෙන ගිය තරව්කරුවෙකු ඊයේ (9) කටුනායක ජ්‍යාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.මොහු කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව කියයි.

සැකකරුට ගුවන් ගමන් තහනමක් තිබියදී මෙලෙස ඩුබායි බලා  යාමට ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේ කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සදහන් වේ.

Exit mobile version