වකුගඩු රෝග පරීක්ෂණ අරඹමින් ජංගම රසායනාගාර සේවාවක්  ඇරඹේ.

අද (26) සිට නිදන්ගත වකුගඩු රෝග පරීක්ෂණ සිදූකිරීමේ ජංගම රසායනාගාර සහිත රථ 08ක් මෙහෙයුම් ආරම්භ කර ඇත.

මෙම ජංගම රථ චීනයෙන් කරන ලද පරිත්‍යාගයක් වන අතර එහි වටිනාකම රුපියල් මිලියන 660ක් පමණ වන බව වාර්තා වේ.

ඒ අනුව මෙම ජංගම රසායනාගාර සහිත රථ අනුරාධපුර, පොලොන්නරුව, වවුනියාව, ත්‍රිකුණාමලය, අම්පාර, කුරුණෑගල, මාතලේ සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල සේවය සඳහා යොදවා ඇත.

මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇත්තේ වකුගඩු රෝග වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව සහ චීනය එක්ව වන අතර මෙම ජංගම රසායනාගාර සහිත රථවල රාජකාරි සිදුකරනු ලබන්නේ චීනය විසින් පුහුණුව ලබා දුන් මෙරට සෞඛ්‍ය සේවකයින් විසිනි.

Exit mobile version