වටිනා බුදු පිළිම උණු කිරීමට ගිය පිය – පුතු අත්අඩංගුවට .

ඊයේ (04) දින 50 හැවිරිදි පියා සහ 21 හැවිරිදි පුතා නිධානයක් ගත් බවට පවසා කෝටි එක හමාරක් වටිනා රන් බුදු පිළිම වහන්සේලා 3ක් උණු කොට අලෙවි කිරීමට උත්සාහ දරා සිටින අවස්ථාවේදී පොලිස් දැලට හසු වී තිබෙන බව වාර්තා වේ.

දඹුල්ල පොලීසියේ විශේෂ කාර්‍යාංශයට ලද බුද්ධි තොරතුරක් මත විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් වෙස් වලාගෙන ගොස් මොවුන්ව හසු කර ගෙන අත්අඩංගුවට ගත් බව කියයි.

Exit mobile version